April 26, 2024

ලෝක බිලියනපති ලැයිස්තුවේ පෙරමුණ ගත් එලෝන් මස්ක් ගැන ඔබ නොදත් කතා කිහිපයක්

ලෝක බිලියනපති ලැයිස්තුවේ මුල් තැන හිමි කරගැනීමට ලෝකයේ දැවැන්තම තාක්ෂණික සමාගමක් වන ටෙස්ලා සමාගමේ නිර්මාතෘවරයා වන එලෝන් මස්ක් සමත්ව තිබේ. ඒ මෙතෙක් කල් එම කිරුළ දිනා සිටි තවත් තාක්ෂණික දැවැන්තයෙකු වන ජෙෆ් බෙසොස්ව පසු කර යමිනි. මේ වන විට එලෝන් මස්ක්ගේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 195ක් ඉක්මවා තිබේ. 

දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත එලෝන් මස්ක් දැන් 49 වැනි වියේ පසුවෙයි. එලෝන් මස්ක් පිළිබඳව ප්‍රසිද්ධ නොවන කරුණු 09ක් මෙම ලිපියෙන් දැක්වෙයි.

1. එලෝන් පුංචි කාලයේ දී ධනවත් පුද්ගලයින්ගේ නිවෙස්වලට ගොස් චොක්ලට් විකිණීමට පුරුදුව සිට ඇත.

එලෝන් මස්ක් පුංචි කාලයේදී

දකුණු අප්‍රිකාවේ අගනුවර වන වන ප්‍රිටෝරියා නුවර තම ජීවිතය පටන් ගත් එලෝන් මස්ක් සිය සහෝදරයා වන කිම්බල් සහ ඔහුගේ ඥාති සහෝදරයන් සමඟ එක්ව පාස්කු දිනයන්වලදී නිවසේ චොකල්ට් සාදා ඒවා විකිණීමට කටයුතු කර තිබුණි. ඔහු එම චොකල්ට් අලෙවි කර තිබුණේ ඒවා සෑදීමට වැය වූ මුදල මෙන් 20 ගුණයක මුදලකටයි. මස්ක් වරක් මේ පිළිබඳව සඳහන් කර තිබුණු අතර චොකල්ට් එකක් සෑදීමට තමන්ට ඩොලර් සත 50ක් වියදම් වූ බවත් තමන් ඒවා ඩොලර් 10ක් වැනි මුදලකට අලෙවි කළ බවත්ය.

2. එලෝන් මස්ක් කුඩා කාලයේ තාඩන පීඩනවලට ලක්ව තිබුණි

එලෝන් පාසල් යන සමයේ බොහෝ අවස්ථාවල අනිත් දරුවන් අතින් විහිළුවට ලක්වීම්, පහර දීම්වලට ලක් වී තිබුණි. වරක් ඔහුව තවත් ළමුන් පිරිසක් විසින් පඩිපෙළකින් තල්ලු කොට තිබුණු අතර ඔහු එයින් සිදු වූ අනතුරුවලින් මරණාසන්න වූ බව සඳහන් වෙයි. වයස අවුරුදු 15 වනතුරුම ඔහු මෙලෙස තාඩන පීඩනවලට ලක් වූ බව සඳහන් වෙයි.

3. මස්ක් කුඩා කාලයේ බිහිරි දරුවෙකු යැයි බොහෝ දෙනෙක් සිතා සිටියේය

එලෝන් කුඩා කාලයේ දී බොහෝ විට වැඩි අවධානයක් යොමු කරපු දරුවෙක් ලෙස සඳහන් වෙනවා. ඔහුගේ දෙමාපියන් මේ නිසා ඔහු බිහිරි දරුවෙකු යැයි සිතා තිබුණු අතර ඒ නිසා ඔහුව වෛද්‍ය පරික්ෂණයකටත් යොමු කර තිබුණි. නමුත් ඔහු බිහිරි නොවන බව වාර්තා වූ අතර මස්ක්ගේ මව වූ මායා මස්ක් විසින් පසුව තමන්ගේ පුත්‍රයා ඔහුගේ ලෝකයේ සිහින දකිමින් සිටින බව සිතනවා. මායා මස්ක් එක් අවස්ථාවක පවසා තිබුණේ ඔහු තවමත් එලෙසම සිටින බවයි.  නමුත් දැන් ඔහු සිටින තත්ත්වය පිළිබඳව තමන් දන්නා නිසා තමන් ඒ පිළිබඳව තැකීමක් නොකර බවද ඇය පවසා තිබුණි.

4. ඔහු ඔහුගේම පුපුරන ද්‍රව්‍ය සහ රොකට් වැනි දේවල් නිර්මාණය කර තිබුණා

එලෝන් සිය සහෝදරයා කිම්බල් සමඟ

එලෝන්ගේ දෙමාපියන් බොහෝ අවස්ථාවල නිවසේ නොසිටින අතර ඔහුව බලාගෙන තිබුණේ නිවසේ වැඩට ඉන්න කෙනා විසින්.  නමුත් ඇය බොහෝ විට මස්ක් දිහා නොබලන බව සඳහන් වන අතර ඇය විසින් මස්ක් විසින් නිවසේ කුමක් හෝ කඩා දමයිද යන්න ගැන පමණක් අවධානයෙන් සිටි බව සඳහන් වෙනවා. වරක් මස්ක් ප්‍රකාශ කර සිටියේ තමන් පුපුරන ද්‍රව්‍ය නිර්මාණය කරමින්, පොත් පත් කියවමින් කාලය ගත කරන බවයි. 

තවත් වරක් ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ තමන් තමන්ගේ ඇඟිලි ටික තිබීම පිළිබඳව පුදුම වන බවයි.

5. පොත් කියවීමට මස්ක් තුළ දැඩි රුචිකත්වයක් තිබුණි

ඔහුගේ ළමා කාලය පුරාම, මස්ක්ගේ අභිලාෂයන් ඉස්මතු කිරීමට සහ ඔහුට විනෝදාස්වාදය ලබා දීමට පොත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබුණි. වරක් ඔහු විසින් සඳහන් කර තිබුණේ තමා හැදී වැඩුණේ පොත්වලින් බවයි. පොත් වලින් පසුව තමන්ගේ දෙමාපියන් සිටින බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

ඔහු වයස අවුරුදු නවයේදී මුළු එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා කියවා ඇති අතර විද්‍යා ප්‍රබන්ධ නවකතා, විකට හා ප්‍රබන්ධ නොවන පොත් දිනකට පැය 10 ක් දක්වා කියවීම සිදුකරයි. ඔහු කියවූ වඩාත්ම බලගතු පොත් අතරට “ලෝඩ් ඔෆ් ද රින්ග්ස්”, “ද හිච්හිකර්ගේ ගයිඩ් ටූ දී ගැලැක්සි” සහ අයිසැක් අසිමොව්ගේ “ෆවුන්ඩේෂන්” කෘතින් ඇතුළත් විය.

6. අවුරුදු 12 දී පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කර ඩොලර් 500ක් උපයා ගෙන තිබේ

වයස අවුරුදු 12 දී එලෝන් මස්ක් විසින් ‘බ්ලාස්ටර්’ නමින් අභ්‍යාවකාශ පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කර තිබුණි. පිටසක්වළ ආක්‍රමණිකයන් සමඟ ඇති සටනල් අලලා නිර්මාණය වුණු මේ පරිගණක ක්‍රීඩාව සඳහා ඔහුට ඩොලර් 500ක මුදලක් උපයා ගැනීමට හැකිවිය.

7. මනංකල්පිත දේවල්වලට ආලය කරන මස්ක්

එලෝන් මස්ක්  මනංකල්පිත දේවල්වලට බොහෝ සෙයින් ආශා කරන බව සඳහන් වෙයි. වරක් ඔහු දකුණු අප්‍රිකාව වෙත යන්නේ ‘ඩන්ජියන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස්’ පරිගණක ක්‍රීඩා තරඟාවලියකට සහභාගී වීම සඳහාය. ඔහු සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ලොකු කැපකිරීමක් කරන බවටද සඳහන් වෙයි.

තරුණ වියේදී එලෝන් මස්ක්

8. අවුරුදු 16 දී විඩියෝ ආකේඩ් එකක් දාන්න ගිහින් වැරදුණු මස්ක්

අවුරුදු 16 දී සිය බාල සහෝදරයා වන කිම්බල් සමඟ එක්ව වීඩියෝ ආකේඩ් එකක් දාන්න අදහස් එලෝන්ට තිබූ අතර ඔහු විසින් කල්බදු ක්‍රමයට සාප්පුවක් මිලදී ගැනීමට ෆෝම් පුරවා අවශ්‍ය කටයුතු කර තිබුණත් බාල වයස්කරුවෙකු හට වෙළෙඳාම් කිරීමට බලපත්‍රයක් නොහැකි වීම නිසා ඔහුට බලධාරීන් අවසර ලබා දී නොතිබුණි.  තමන්ගේ පියාගේ සහය මේ සඳහා ඉල්ලා තිබුණත් ඔහු එයට කැමති වී නැහැ. ඒ නිසා ඔහුගේ උත්සාහය ව්‍යාර්ථව තිබුණි.

9. යෞවනවියේ දීම ජීවිතය සොයා ඇමෙරිකාවට පැමිණි මස්ක්

එලෝන් මස්ක් අධ්‍යාපනය සඳහා ඇමෙරිකාව වෙත පැමිණ අතර වරක් ඔහු විසින් ප්‍රකාශ කර තිබුණේ “ඇමරිකාවේ ඔබට ජීවතුන් අතර සිටීම පහසුය” යනුවෙනි. ඔහු සිය ආහාර සඳහා දිනකට ඩොලර් 1ක් පමණක් වියදම් කර තිබු අතර ඔහු ආහාර සඳහා ගෙන තිබුණේ දොඩම් යුෂ සහ හොට්ඩෝග් බව සඳහන් වෙයි.

(CNBC Make It ඇසුරිණි)

Rate this item
(4 votes)
Last modified on Friday, 08 January 2021 16:39