April 26, 2024

යුරෝපයේ කුණු දුප්පත් ආසියානු රටවලට පටවන ක්‍රමයට තිත

December 23, 2020

යුරෝපා සංගමය විසින් ජනවාරි මාසය වන විට දුප්පත් රටවලට වර්ගීකරණය නොකළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපනයනය කිරීම තහනම් කිරීම සඳහා නව නීති සකස් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමයේ පරිසර කොමසාරිස් වර්ජිනිජස් සින්කෙවිසියස් විසින් අවධාරණය කර ඇත්තේ 2006 වසරේ දී පනවන ලද අපද්‍රව්‍ය නැව්ගත කිරීමේ රෙගුලාසිය සංශෝධනය කරන බවත් නව නීති මගින් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා සංවිධානයෙන් පිටත අඩු කාර්මික රටවල් සඳහා වර්ගීකරණය නොකළ ප්ලාස්ටික් අපනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි.

යුරෝපා සංගමයෙන් පිටත් කර යවන කුණු මෙම දුප්පත් රටවල් මඟින් බැහැර කිරීම සඳහා සාගරයට මුදා හරින බවට පරිසර සංවිධානයන් විසින් දිගින් දිගටම යුරෝපා සංගමයට කරන ලද අනාවරණයන්වලින් පසුව මෙම තීරණය ගැනීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

හිටපු ලිතුවේනියානු ආර්ථික ඇමතිවරයකු වන සින්කෙවිසියස් පැවසුවේ මෙම නව නීති යටතේ ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානය තුළ ඇති රටවල් 37 විසින් පිටත් කරනු ලබන ප්‍රතිචක්‍රීකරණය කිරීම අසීරු යැයි සැලකෙන අනතුරුදායක ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපනයනය කිරීමේදී එම කුණු අපද්‍රව්‍ය ලබාගන්නා රටවල්වල පුර්ණ අවසරයකින් තොරව මෙම කුණු අපනයනය කිරීමට නොහැකි බවයි.

ජනවාරි 1 වන දින සිට බලපැවැත්වෙන මෙම නව නීති යටතේ සාමාජිකයන් 27 දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගමයේ විශේෂ කමිටුවක් මඟින් ප්ලාස්ටික් නැව්ගත කිරීම පාලනය කරනු ලබයි.

1950 සිට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් බිලියන 6.3 ක් පමණ ජනනය කර ඇති අතර, ඉන් සියයට 12 ක් දහනය කර ඇත, සියයට 10 කට වඩා අඩු ප්‍රතිචක්‍රීකරණය කර ඇති අතර සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් ඉවතලන හෝ ගොඩබෑමට ලක්ව ඇති බවටද අනාවරණය වී තිබේ.

පසුගිය වසරේදී සින්කෙවිසියස් පැවසුවේ යුරෝපා සංගමය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 1.5 ක් අපනයනය කර ඇති අතර ඒවා බොහෝ දුරට තුර්කියට සහ මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි ආසියානු රටවලට අපනයනය කර ඇති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 December 2020 11:21