April 27, 2024

ඇන්ටාටිකාවත් කොරෝනාව ආක්‍රමණය කරයි - මහාද්වීප 07ම කොරෝනාව යටපත් කරගනී

December 23, 2020

කොරෝනා වෛරසය ලෝකයේ අවසන් කොණත් ආක්‍රමණය කරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය මහාද්වීප 07ම ආක්‍රමණය කරගෙන තිබේ.

ඇන්ටාටිකාවේ තිබෙන චිලී රාජ්‍යයේ පර්යේෂණ ආයතනයක සේවකයින් 36 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙලෙස කොරෝනාවට ගොදුරුව තිබුණේ චිලි රාජ්‍යයට අයත් ජෙනරාල් බර්නාඩෝ ඕ හිගින්ස් රික්වෙල්ම් පර්යේෂණ කඳවුරේ සේවකයින් පිරිසකි.

මෙම පිරිස නැවත චීලි රාජ්‍ය වෙත විශේෂිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ ගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයේ ඇති බව වාර්තා වෙයි.

පර්යේෂණ ආයතනයේ සේවාවන් සාමාන්‍ය පරිදි කරගෙන යෑම සඳහා අලුතින්ම සේවයකින් පිරිසක් නැවත නිරෝධායන ක්‍රියාවලියකින් පසුව එම පර්යේෂණ ආයතන වෙත පිටත් කර යැවීමට කටයුතු කරන බවට චිලී රාජ්‍ය විසින් පවසා තිබේ.

මේ වන විට රටවල් 29කට අයත් පිරිස් ඇන්ටාටිකාවේ පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් සිටියි.

Rate this item
(3 votes)