May 05, 2024

ඉන්දියාවටත් චීනෙන් ඩොලර් බිලියන විස්සක ආයෝජනයක්

September 19, 2014
ඉදිරි වසර පහ ඇතුළත ඉන්දියාවේ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන විස්සක් ආයෝජනය කෙරෙන ගිවිසුම්වලට චීනය අත්සන් තබයි.
 
දෙරට අතර ආර්ථික සන්ධිස්ථානයක් සලකුණු කරමින් මේ බව නිවේදනය වූයේ චීන ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ දෙවන දිනයේදී.
 
ඉන්දියාවේ අධිවේගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීම සඳහා ද චීනය මුදල් ආයෝජනය කරන බවයි වාර්තා වන්නේ.
මීට අමතරව වෙළඳ සහයෝගිතාව, අභ්‍යවකාශ ගවේෂණ සහ න්‍යෂ්ඨික බලශක්ති සංවර්ධනයටද චීන මුදල් යෙදවීමට ගිවිසුම් ඇති වූ බව දිල්ලි නුවර සිටින බීබීසී වාර්තාකරු පවසයි.
 
මේ අතරතුර දෙරට අතර පවතින දේශ සීමා ප්‍රශ්ණ ඉතා ඉක්මනින් විසඳා ගත යුතු බව දෙරටේම නායකයන් අවධාරණය කර ඇතැයි ද ඔහු වාර්තා කළේය.
 
චීන හමුදා ඉන්දීය කලාපයට ඇතුළු වී සිටින බවට ඉන්දියාව චෝදනා එල්ල කරයි.
Rate this item
(0 votes)