April 26, 2024

කොරෝනා නිසා භූමදානය කළ මුගටියෝ භූගත ජලයට එක් වෙයි - දරුණු අනතුරු ඇඟවීමක්

December 17, 2020

කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා ඩෙන්මාර්කයේ වළලනු ලැබූ මිලියන ගණනක් මියගිය මින්ක් සතුන් හරහා භූගත ජලය අපවිත්‍ර වී ඇති බව නිල අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ජල කර්මාන්තයේ ප්‍රධානීන් අනතුරු අඟවන්නේ එමගින් පානීය ජලයට අවදානමක් ඇති බවයි. ඒ වෙනුවෙන් බලධාරීන් ඉක්මනින් ක්‍රියා කරන බව ඩෙන්මාර්කයේ රේඩියෝ 4 වාර්තා කරයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ගොවිපලවල් සිය ගණනක මින්ක් සතුන් මිලියන 17ක් පමණ ඉවත් කිරීමට ඩෙන්මාර්ක රජය අදාළ බලධාරීන්ට නියෝග කර තිබුණි.

බොහෝ සතුන්ගේ සිරුරු බටහිර ඩෙන්මාර්කයේ හමුදා ප්‍රදේශයක වළවල් වල වළලනු ලැබුවේ අඩි හයකට වඩා වැඩි පස් යටය.

එහෙත් මිනී දිරාපත් වීමේ ක්‍රියාවලියේ දී නැවත වායූන් ලෙස මතුව තිබේ. මේ හේතුවෙන් ආදාහනය කිරීම සඳහා නැවත කැණීම් කිරීමට රජය සලකා බලා තිබේ.

මේ වන විට ඩෙන්මාර්කයේ හා ග්‍රීන්ලන්තයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සහ ඩෙන්මාර්කයේ තාක්ෂණික විශ්වවිද්‍යාලය විසින් සකස් කරන ලද නව අධ්‍යයනයෙන් කියැවෙන්නේ භූගත ජලය මේ වන විටත් මළ සිරුරුවලින් ගලන දියර වලින් දූෂණය වී ඇති බවයි.

මළ සිරුරු වළලා දැමීමට පෙර බලධාරීන් පවසා තිබුණේ මළ සිරුරු පානීය ජලයට හෝ ආරක්ෂිත ප්‍රදේශවලට අවදානමක් නොවන බවයි.

ඩෙන්මාර්ක පාරිසරික ආරක්ෂණ ඒජන්සිය මෙම ස්ථානවල පාරිසරික බලපෑම තක්සේරු කරමින් සිටින අතර එහි ප්‍රතිඵල ලබන වසරේ මුලදී අපේක්ෂා කෙරන බව වාර්තා වෙයි.

“උපකල්පන ගණනාවක් යටතේ, ඉහළ භූගත ජලය දැනටමත් දූෂිත වන්නට ඇති” යැයි එරට රාජ්‍ය භූ විද්‍යා පර්යේෂක ක්ලෝස් ක්ජුලර් පවසා තිබේ.

Rate this item
(1 Vote)