April 27, 2024

“මම කවුද කියලා මම දැන් දන්නවා - මේ විදිහට මම කැමති” හොලිවුඩ් නිළියක් සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස සමාජය ඉදිරියට

December 02, 2020

ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වූ හොලිවුඩ් නිළියක් වන එලියට් පේජ් තමන්ගේ නව අනන්‍යතාවයත් සමඟ සමාජය ඉදිරියට පැමිණෙ ඇත්තේ එලන් පේජ් නමිනි.

ඇය තමන් දැන් සංක්‍රාන්තික ලිංගිකත්වයක් ඇති අයෙකු බව පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙතරම් කාලයක් ව්‍යාජ අනන්‍යතාවයක් පවත්වාගෙන ගිය බවත් දැන් තමන්ගේ සැබෑ අනන්‍යතාවය පිළිගැනීමට තමන් සුදානම් බවද, තමන් සංක්‍රාන්තික ලිංගිකයෙකු ලෙස පැවසීමට තමන් බිය නොවන බවද ඇය කියා තිබුණි.

නමුත් ඇය වැඩිදුරටත් කියා සිටියේ, තමන් කවුද යන්න සතුටින් පිළිගත්තත් නිර්භයව සමාජය ඉදිරියට පැමිණියත් සමාජය විසින් ඇයව කෙසේ පිළිගනු ඇතිද යන්නට ඇය බිය වන බවයි. ඇය සමාජය විසින් විහිළු කිරීමත්,අපහාසයට පත් කරනු ඇති බවද ඇය කියා තිබුණි.

33 වන වියේ පසුවන මෙම හොලිවුඩ් නිලිය තවදුරටත් සඳහන් කර තිබුණේ තමන්ගේ ලිංගිකත්වය වෙනස් වුවත් ලෝකය යහපත් තැනක් බවට පත් කරන්න ගන්න උත්සාහය දිගටම කරගෙන යන බවයි.

කැනේඩියානු ජාතික එලියට් පේජ් උපත ලබා ඇත්තේ 1987 වසරේ දී වන අතර 1997 දී ඇය හොලිවුඩ් වෙත එක්ව ඇත. ඔස්කාර්, ගෝල්ඩන් ගොබ්ලස්, ක්‍රිටික්ස් චොයිස් ඇවෝර්ඩ්ස් ඇතුළු ප්‍රධාන පෙළේ සම්මාන රාශියක් සඳහා නම් වූ ඇය X-Men, Inception වැනි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් චිත්‍රපටවලද රංගනයෙන් දායක වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2020 12:09