May 05, 2024

සුපිරි හොලිවුඩ් නළු ආර්නෝල්ඩ් ජයලලිතා ජයරාම් මුණ ගැසේ

September 17, 2014
හොලිවුඩ් නළු සහ කැලිපෝර්නියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වාස්ෂිනිගර් (Arnold Schwarzenegger) චෙන්නායි නුවරදී තමිල්නාඩු මහ ඇමතිනි, ජයලලිතා ජයරාම් මුණ ගැසි තිබේ.
 
දෙමළ චිත්‍රපටයක ගී තැටියක් නිකුත් කිරීමට ලැබුණු ආරාධනයක් අනුව ‘ද ටර්මිනේටර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ස්වාස්ෂිනිගර් තමිල්නාඩුවට සංදාරයක නිරතව සිටි.
 
ජයලලිතා ගැන අසා ඇති ඔහුට ඇය මුණ ගැනීමට අවශ්‍යවී ඇති අතර ඔහුගේ නියෝජිත පිරිස දින කිහිපයකට පෙර මේ බව දන්වා මහා ඇමතිනියගේ කාර්යාලයට දන්වා යවා තිබේ.
 
පැය භාගයකට ආසන්න කාලයක් ජයලලිතා සමග පැවතී සාකච්ඡාවෙන් පසු ස්වාස්ෂිනිගර් ඡායාරූප ශිල්පීන්ගේ ඉල්ලීමට කන්දෙමින් ඡායාරූප ගැනීමට අවස්ථාව ලබා දුන්නත් ඔහු වාර්තාකරුවන් ඇමතුවේ නැත.
 
මහා ඇමතිනි ජයලලිතා ජයරාම් සමග කළ සාකච්ඡාවේ තොරතුරු මේ වනතෙක් අනාවරණය වී නොමැත.
 
 
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 September 2014 10:04