April 27, 2024

ඉන්දු - ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරඟය අතර ලෝකයේම අවධානය හිමි වූ විවාහ යෝජනාව (VIDEO)

November 29, 2020

අද (29) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවර, සිඩ්නි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දු - ඕස්ට්‍රේලියා 02 වන එක්දින ක්‍රිකට් තරගය අතර සිදු වූ ආදරණීය සිදුවීමක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ.

ඒ තරඟයේ 20 වන පන්දුවාරය ක්‍රියාත්මක වන අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයේ සිටි ඉන්දීය තරුණයෙකු විසින් ඕස්ට්‍රේලියානු තරුණියකට විවාහ යෝජනාවක් සිදු කිරීමයි.

නොසිතු ස්ථානයක නොසිතු ලෙස ආපු යෝජනාවට තරුණිය අමන්දාන්දයට පත් වූ අතර එම සිදුවීම ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පුළුල් තීරයේ ද ප්‍රදර්ශනය කළ අතර සජිවිව ලෝකයටම විකාශය කිරීමද සිදු කෙරුණි.

එක්වරම සිදු මේ සිදුවීමත් සමඟ පිටියේ ක්‍රීඩා කරමින් සිටි ග්ලේන් මැක්ස්වෙල් වැනි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් පවා අත්පොළසන් දී සිය සුබ පැතුම් යුවල එක් කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

ප්‍රේක්ෂකාගාරයේ සිටි ක්‍රිකට් ලෝලීන්ද ඔලවරසන් හඬ නගමින් අත්පොළසන් දී යුවල සුබ පැතුම් එක් කළේය. 

ක්‍රිකට් තරගයේ විස්තර විචාරයේ නිරත වු විචාරකයන්ද එම සිදුවීම සම්බන්ධයෙන් විචාරයක් ද ගෙන එන ලදී.

එම සිදුවීම මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර එයට අදහස් දක්වමින් පිරිස් සඳහන් කර තිබුණේ සැබෑ ආදරයට තැනක් නොමැති බවයි.

එම විවාහ යෝජනාව පහතින්,

Rate this item
(0 votes)