May 05, 2024

ඉස්ලාමීය කැරලිකාරයින්ට එරෙහිව ප්‍රංශ ජනාධිපති

September 16, 2014
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකාර සංවිධානය ලෝක මට්ටමේ තර්ජනයක් ලෙස හඳුන්වන ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා ඔලෝන්ද් ඒ සඳහා ලෝක මට්ටමෙන් ප්‍රතිචාර දැක්විය යුතු බව කියා සිටියේය.
 
ඉස්ලාමීය කැරලි කණ්ඩායම් හා සටන් කිරීමට අවශ්‍ය මූලෝපායන් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමේ බලාපොරොත්තුව ඇතිව රටවල් තිහක විදේශ අමාත්‍යවරුන් සහභාගී වී කෙරෙන ජාත්‍යන්තර සමුළුව විවෘත කරමින් ඔහු මේ බව පැවසුවේය.
 
පසුගිය සතියේ ඉරාකයේ සංචාරය කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී
ඉරාකය තුළ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්ට එරෙහිව ඇමරිකාව සිදු කරන ගුවන් ප්‍රහාර වලට සහාය පළ කරමින් තම ප්‍රහාරක ගුවන් යානා පිරික්සුම් ගුවන් ගමන් ආරම්භ කර ඇති බව මීට ඉහතදී ප්‍රංශ ආණ්ඩුව ප්‍රකාශ කළේය.
 
 
ඉහත කී සමුළුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉස්ලාමීය කැරලි කණ්ඩායම්වලට එරෙහිව කෙරෙන සටන් වලට සහාය ලබා ගැනීම පිණිස ඊට සහභාගී වී සිටින විදේශ අමාත්‍යවරුන් හමු වීමට නියමිතයි.
Rate this item
(0 votes)