May 05, 2024

යුක්රේනය හා නේටෝ එක්වීම න්‍යෂ්ටික යුද්ධයකට අතවැනීමක්

September 16, 2014

යුක්රේනය නේටෝ සංවිධානය හා එක්වීම මගින් න්‍යෂ්ටික යුද්ධයක් ඇති කළ හැකි බව රුසියාව පිළිබඳ ඇමරිකානු විශේෂඥයකු වන ස්ටීවන් කොහෙන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නේටෝ සංවිධානයේ වත්මන් නීති රීති තුළ යුක්රේනයට කිසිවිටකත් එහි සාමාජිකත්වය ගත නොහැකි බවත් පළමුව තම භූමි ප‍්‍රදේශයන්හි පාලනය අහිමිවූ රාජ්‍යයකට නේටෝ සාමාජිකත්වය ලබාගත නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

කියෙව් පාලනය විසින් පළමුව ක‍්‍රිමියාවත් මේ වනවිට ඩොන්බාස් ප‍්‍රදේශයත් අහිමි කරගනිමින් ඇති බව කොහෙන් සඳහන් කර තිබේ.

දෙවනුව නේටෝ සාමාජිකත්වය ලැබීම සඳහා අවශ්‍ය ආර්ථික, දේශපාලන සහ මිලිටරිමය සුදුසුකම් කිසිවක් යුක්රේනය සතුව නොමැති බව ඔහුගේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)