May 05, 2024

අයි.එස්. සටන්කාමීන් ගැන සාකච්ඡාවක් පැරීසියේදී 

September 15, 2014

ඉරාකයේ සහ සිරියාවේ ක‍්‍රියාත්මක අයි.එස්. සටන්කාමීන්ගේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (15) පැරීසියේදී ආරම්භවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර ඊට රටවල් රැසක විදේශ අමාත්‍යවරුන් එක්වීමට නියමිත බව බීබීසි ප්‍රවෘත්ති සේවය පැවසී ය.

මේ අතර ඉස්ලාමීය රාජ්‍ය කැරළිකරුවන්ට එරෙහිව කෙරෙන ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා සහාය දැක්වීම පිණිස හමුදා භටයන් 600ක් සහ ප්‍රහාරක ගුවන් යානා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත් කර යැවූ බව ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා ඉරාක අගමැතිවරයාගේ අනුමැතිය පළ වූ බව පවසන ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එම තීරණය ගැනීමට මුල් වූයේ එක්සත් රාජධානිය විසින් සිදු කළ විශේෂ ඉල්ලීමක් බව කියා සිටි.

Rate this item
(0 votes)