April 27, 2024

"මම කුඩුකාරයන්ව මැරුවා - රට වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා" - පිලිපීන ජනපති

පිලීපීනයේ ක්‍රියාත්මක වූ දැවැන්ත මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ක්‍රියාවලිය තුළදී එරට පොලීසිය විසින් ඝාතනය කළ දහස් සංඛ්‍යාත පිරිස සම්බන්ධයෙන් වගකීම තමන් විසින් ගන්නා බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ පවසා තිබේ.

මෙම මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් අතර තුර මිය ගිය පිරිස් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධානයන් හරහා එරට පාලනධිකාරියට දැඩි ලෙස චෝදනා එල්ල කර තිබූ අතර 6000ක පිරිසක් මේ වනතෙක් එම මෙහෙයුම් අතර මිය ගොස් ඇති බවද සඳහන් වෙයි.

එම මිනීමරුම් සම්බන්ධව වගකීම් පවරන්න කෙනෙක් අවශ්‍යය නම් තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත්, මත්ද්‍රව්‍ය ජවාරාම් එරෙහි තම අරගලය නිසා තමන්ට මරණ දඬුවම ලබා දීමට කටයුතු කළහොත් එයට පවා තමන් සුදානම් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

තමන්ව උසාවියට ඉදිරිපත් කළත්, සිරගත කළත් තමන්ට කිසිදු ගැටලුවක් නැති බවත් තමන් ඒ දඬුවම් විඳින්නේ රට වෙනුවෙන් කළ සේවය නිසා බව තමන් දන්නා බැවින් සතුටින් එම දඬුවම් පිළිගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

2016 වසරේ දී පිලිපීන ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව ඔහු විසින් දැඩි මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමක් දියත් කළ අතර එහිදී ඔහු විසින් දැඩි ක්‍රමවේදයන් අනුගමනය කළේය.

එහිදී ඔහු දියත් කරන ලද සමහර ක්‍රියාමාර්ග නිසා ඔහුට එරෙහිව මානව හිමිකම් ක්‍රියාමාර්ග මෙන්ම සාපරාධී කටයුතු කිරීම් සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 October 2020 15:14