April 27, 2024

IPL කණ්ඩායම් හිමිකාරි සුරූපි නිළිය PCR පරික්ෂණය ගැන කියපු කතාව

කින්ග්ස් ඉලවෙන් පන්ජාබ් කණ්ඩායමේ සම හිමිකාරීත්වය දරණ ඉන්දීයානු සුරූපි නිළිය වන ප්‍රිතී සින්ටා විසින් PCR පරික්ෂණයකට සහභාගී වීමෙන් පසුව ඇයගේ ඉන්ස්ටග්‍රෑම් සමාජජාලයේ සටහනක් තබා තිබුණි.

ඇය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටින නිසා නිතරම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටියි. ඇය එම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ගැනද ඇයගේ ඉන්ස්ටග්‍රෑම් සමාජජාලයේ සටහන තුළ සටහන් කර තිබුණි.

ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුමේ සටහනක් තබමින් ඇය කියා සිටියේ සියල්ල ආරම්භ වුයේ දින 06ක නිරෝධායන ක්‍රියාවලියකින් පසුව බවයි. එමෙන්ම තරගාවලිය පැවැත්වෙන කාල සීමාව තුළ සෑම දින 03කට හෝ 04කට වරක් කොවිඩ් පරික්ෂණ සිදු කරන බවද ඇය පවසා තිබුණි.

එමෙන්ම තමන්ට වෙන් කර ඇති කාමරය තුළම සිටිය යුතු බවත් එයින් පිටතට යෑම තහනම් බවද ඇය කියා තිබුණි.

රියදුරන්, ප්‍රධාන සුපවේදීන් ඇතුළු පිරිස ද මෙම නිරෝධායන ක්‍රියාවලියට ලක් කර තිබීම නිසා කිසිදු ආහාරමය ද්‍රව්‍යයක් හෝ වෙනත් දෙයක් පිටතින් ගෙන එම තහනම් කර ඇති බවද ඇය සඳහන් කර තිබුණි.

තමන් වගේ නිදහසේ කටයුතු කළ අයෙකුට මෙවන් පරිසරයකට හැඩ ගැසීම තරමක් අපහසු බව පවසන ප්‍රීති සින්ටා වැඩි දුරටත් සඳහන් කර සිටියේ කෙසේ වෙතත් මෙම සෞඛ්‍ය ක්‍රමවේදයන් ගැන ඇය ස්තූතියි වන්ත වන බවයි.

මෙම වසංගත තත්ත්වය හමුවේ වූවද මෙවැනි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් තරඟාවලිය පැවැත්වීම ගැනද ඇය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූතියි කර තිබේ.

ප්‍රිති සින්ටා PCR පරික්ෂණයට මුහුණ දුන් අවස්ථාව පහතින්,

Instagram හි මෙම පළ කිරීම බලන්න

Everyone asks me what does it mean being in the IPL team bio bubble. Well ! It’s starts with a 6 day quarantine, covid tests every 3-4 days and no going out - only ur room, designated #KXIP restaurant & gym & of course the stadium in ur car. The drivers, chefs etc are also in the bio bubble & quarantined so No food from outside & no people interaction. It’s tough if ur a free bird like me but then it’s 2020 & one must appreciate that #IPL is actually happening in the middle of a pandemic. I must thank #BCCI, the staff of KXIP & @sofiteldubaipalm for all their efforts in keep us safe & productive ? #Grateful #pzipldiaries #Ipl2020 #Dream11 #Ting ❤️ @kxipofficial

(@realpz) හි Preity G Zinta විසින් බෙදා ගත් පළ කිරීමකි හි

Rate this item
(0 votes)