April 26, 2024

සෞදි අරාබියට මානව හිමිකම් කවුන්සිලයේ ආසනය අහිමි වෙයි

එලැඹෙන 2021 වසරේ ජනවාරි 1 වනදා සිට ඇරඹෙන මීළඟ තෙවසරක කාලය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) සාමාජිකයෙකු වීමට සෞදි අරාබිය ගත් උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනය, රුසියාව සහ කියුබාව ද මෙවර මානව හිමිකම් කවුන්සිලයේ ආසනයක් හිමි කර ගැනීමට සමත්ව තිබේ.

හියුමන් රයිට්ස් වොච් සහ අනෙකුත් අයිතිවාසිකම් සංවිධාන සෞදි අරාබියේ අපේක්ෂකත්වයට දැඩි ලෙස විරුද්ධ වූ අතර, මැදපෙරදිග ජාතික මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, විරුද්ධවාදීන් සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් මෙන්ම ජමාල් කිෂෝගී ඝාතනයට එරෙහි වන්නන් ඇතුළු බොහෝ පිරිසක් සෞදි ආරබියට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ලැබීමට විරුද්ධත්වය ද ප්‍රකාශ කර තිබුණි.

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් තෝරා ගැනීම සඳහා පැවැති රහසිගත ඡන්ද විමසීමේ දී ඡන්ද 90ක් පමණක් සෞදි අරාබියට හිමි විය.

නමුත් මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකාරීන් සහ උපදේශකවරුන් පෙන්වා දෙන්නේ සමහර මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් චෝදනා සහ සැක කටයුතු සිදුවීම් ඇති රටවල් පවා මෙවර මානව හිමිකම් කවුන්සිලය තේරී පත්ව ඇති බවයි.

මේ නිසාම මෙම සාමාජික රටවල් තෝරා පත් කර ගැනීමේ දී භාවිත කරන ක්‍රමවේදිය වාහම ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)