May 06, 2024

චීනය සහ රුසියාවට දලයිලාමා තුමන්ගෙන් වාග් ප්‍රහාර

September 08, 2014

ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයිලාමා තුමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ප‍්‍රබල වාග් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. ජර්මානු සඟරාවක් වෙත සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා ඇත්තේ රුසියානු නායකයා දැඩි ආත්මාර්ථකාමී අන්දමින් කටයුතු කරන බවයි.

ඔහුට බර්ලින් තාප්පය යලි ගොඩනැගීමට අවශ්‍ය වීඇතැයි ද දලයිලාමා තුමන් පවසා ඇත. තමා පමණක් පෙරටු කොටගෙන කි‍්‍රයාත්මක කරන පුටින්වාදය නව නිරවි යුද්ධයකට මුල් විය හැකි බවයි දලයිලාමා තුමන් පෙන්වා දෙන්නේ.
එතුමන් ටිබෙටයෙන් පිටුවහල්ව ජීවත් වන්නේ චීනය විසින් සියරට ග‍්‍රහණයට ගැනීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් චීනයේ සහ රුසියාවේ වෙනස් ආකාරයේ වාතාවරණයන් පවතින බවයි දලයිලාමා තුමන් කියා සඳහන් කරන්නේ.

චීනයට ජාත්‍යන්තර දේශපාලන පද්ධතියට එක්වීමේ අවශ්‍යතාවක් පවතින බවත්, දිගුකාලීන වශයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවේ ප‍්‍රබල ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වනු ඇති බවත් එතුමන් අවධාරණය කරයි.

 

Rate this item
(0 votes)