April 27, 2024

නිළි රැජින කුඩු රැජින වේ

September 28, 2020

බොලිවුඩ්හි මෙන්ම හොලිවුඩ් සිනමාවේ ද අතිශයින් ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක වන දීපිකා පදුකෝන් හට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශය ඇගෙන් පැය 6කට වඩා ප්‍රශ්න කොට තිබේ.

දීපිකා පදුකෝන්ගේ මත්ද්‍රව්‍ය සම්බන්ධතාවය හෙළි කර තිබෙන්නේ ඇගේ කළමනාකාරවරිය වන කරිෂ්මා නැමැති තැනැත්තියක් විසිනි.

දීපිකා පදුකෝන්ගේ අවශ්‍යතාවය මත තමා විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් ලවා මත්ද්‍රව්‍ය මිලදී ගත් බව ද ඇය මත්ද්‍රව්‍ය නාශක අංශයට ප්‍රකාශ කොට තිබේ.

දීපිකා පදුකොන්ගෙන් මත්ද්‍රව්‍ය නාශක අංශය ප්‍රශ්න කරනු ලබන්නේ ඇගේ මෙම ප්‍රකාශය පදනම් කොට ගෙනය.

Rate this item
(25 votes)
Last modified on Monday, 28 September 2020 15:22