May 06, 2024

යුරෝපා රුසියා සීතල යූද්ධය ඇවිලෙන ලකුණු

September 06, 2014

යුරෝපා සංගමය මගින්රුසියාවේ ප‍්‍රබල පුද්ගලයන් කිහිපදෙනෙකුට ලබන සඳුදා සම්බාධක පනවන බවටප‍්‍රකාශ කර තිබීම යළි රුසියාවේ ඇවිලීමට හේතු වී තිබේ.

යුරෝපා සංගමය තම රටේ පුද්ගලයින්ට එරෙහිව අලූතින් සම්බාධක පනවන්නේ නම් ඒ සඳහානියත වශයෙන්ම ප‍්‍රතිචාර දක්වන බවයි ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසන්නේ.

ඒ පිළිබඳ ප‍්‍රකාශයක් සිදුකරමින් රුසියානු විදේශකටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් ඊට එරෙහිව ප‍්‍රතිචාර දක්වන බව ප‍්‍රකාශ කරඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත්, නැගෙනහිර යුක්රේනයෙන්රුසියානු හමුදා ඉවත් කර ගන්නේ නම් රුසියාවේ පුද්ගලයින්ට සම්බාධක පැනවීමක්සිදුනොකරන බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කර ඇත.

යුරෝපා සංගමය මගින් මේවනවිටත් රුසියාවේ ප‍්‍රබල පුද්ගලයන් කිහිපදෙනෙකුට සම්බාධක පනවා තිබේ.

Rate this item
(0 votes)