May 06, 2024

ISIS සංවිධානයට එරෙහිව ෂියා මුස්ලිම්වරු එක්වන ලකුණු

September 06, 2014

උතුරුදිග ඉරාකයේ isisඉස්ලාමීය අන්තවාදීන් විසින් ගොඩනගා ඇති ඉස්ලාමීය දේශයට එරෙහිව සටනට ඇමෙරිකාව සමග ඒකාබද්ධව වීමට ඉරාන ආධ්‍යාත්මික නායකයා අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය හෙළි කරයි.

ටෙහෙරාන් නුවරින් ලැබෙන ආරංචි මාර්ගවලට අනුව ඇමෙරිකානු, ඉරාක හා කුර්දිස්ථාන හමුදා සමග ඒකාබද්ධව මෙහෙයුම් දියත් කිරීමට එරට හමුදා නායකයා වෙත අයතුල්ලාහ් ඛමේනිගේ අනුමැතිය හිමිව තිබේ.

ෂියා මුස්ලිම්වරුන් මිත්‍යාලබ්ධිකයන් ලෙස සුන්නි මුස්ලිම්වරු සලකන නිසා ෂියා පාලනයක් සහිත ඉරානය isisඉස්ලාමීය අන්තවාදීන්ගේ ඉස්ලාම් දේශය තමන්ට දැඩි තර්ජනයක් ලෙස සලකයි.

ඉරාකය තුළ සිදුකරන ඇමෙරිකානු මැදිහත් වීම් සම්බන්ධයෙන් සාම්ප්‍රදායිකවම ඉරානය විරුද්ධ මතයක සිටියද සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් අත පැවති අමෙර්ලි නගරය අත්පත්කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු, ඉරාක හා කුර්දිස්ථාන හමුදාවට අවශ්‍ය සහාය ඉරානයෙන් ලැබී ඇති බව මේ වනවිට වාර්තා ලැබෙයි.

Rate this item
(0 votes)