May 06, 2024

අධික වර්ෂාව විවාහ උත්සවය මළගෙයක් කරයි

September 05, 2014
කාශ්මීරයේ සිදු වූ බස් අනතුරකින් විශාල පිරිසක් මරණයට පත් වී ඇති බව වාර්තා වේ.
විවාහ උත්සවයකට සහභාගී වීමට ගිය පුද්ගලයන් පනස් දෙනෙකු රැගත් බස් රථය ගඟකට පෙරලීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
අනතුරින් මරණයට පත් වූවන් අතර විවාහයට පත්වූ යුවළ ද සිටින බවයි වාර්තා වෙන්නේ.
පසුගිය දින වල කඩා වැටුණු අධික වර්ෂාවෙන් ගංවතුරට ගොදුරු වී තිබූ එම ප්‍රදේශයේ ගංගාවේ ජල මට්ටම ඉහල ගොස් තිබීමයි අනතුරට හේතු වී තිබෙන්නේ.
අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බවයි වාර්තා කරුවන් පවසන්නේ.. 
 
Rate this item
(0 votes)