May 06, 2024

බකිංහැම් මාලිගයේ රංගනයක යෙදුනු ආරක්ෂක භ‍ටයා (වීඩීයෝ)

නරඹන්නන් පිනවීම සඳහා හාස්‍යජනක රංගනයක නිරත වූ බකිංහැම් මාලිගයේ ආරක්ෂක භ‍ටයෙකු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය රාජකීය යුද හමුදාව තීරණය කර තිබේ.
 
රාජකීය හමුදා භටයෙකුගේ සම්පූර්ණ නිල ඇඳුම ඇඳ රාජකාරියේ නිරතව සිටියදී මෙම ක්‍රියාවේ නිරත වීම හේතුවෙන් එම භටයාට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත.
 
රාජකීය යුද හමුදාව පවසන්නේ, සිය හමුදාවේ දැඩි නීතිරීති අනුව මෙය විශාල වරදක් බව ය.
මෙම දර්ශන රූගත කර ඇත්තේ, සිය දරුවන් සමග බකිංහැම් මාලිගය නැරඹීමට ගොස් සිටි Andy Richards නමැත්තෙකි.
 
ඔහු මෙම වීඩියෝව YouTube වෙබ් අඩවියෙහි පළ කිරීම ත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති විය.
 
Andy Richards YouTube වෙබ් අඩවියෙහි පළ කළ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.
 
Rate this item
(0 votes)