May 06, 2024

Pakisthan රූපවාහිනී ප්‍රධාන කාර්යාලය එරට හමුදාව භාරයට

September 03, 2014
ඉමිරාන් ඛාන්ගේ අධාරකරුවන් විසින් පකිස්ථානයේ රාජ්‍ය රූපවාහිනී සේවාව වන Pakisthan (PTV) රූපවාහිනී සේවයේ ප්‍රධාන කාර්යාලය එරට යුද හමුදාව භාරයට ගෙන තිබේ.
ඒ අනුව, මේ වන විට යළිත් PTV රූපවාහිනී සේවයේ විකාශන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇත.
ඒජන්සි වාර්තා සඳහන් කළේ, ඉස්ලාමාබාද්හි විරෝධතාවල නිරත උද්ඝෝෂකයින් පිරිසක් PTV රූපවාහිනී සේවයේ ප්‍රධාන කාර්යාලය තුළට බලහත්කාරයෙන් ඇතුළු වී එහි පාලනය සියතට ගෙන තිබිණි.
විරෝධතාකරුවන් මෙම උද්ඝෝෂණවල නිරත වනුයේ, අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඉවත් විය යුතු බවට බල කරමිනි.
ඔහු ඡන්ද වංචා සහ දූෂණ කළ බවට ඔවුහු චෝදනා කරති.
මෙම විරෝධතා හේතුවෙන් පකිස්ථානයේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
 
Rate this item
(0 votes)