May 06, 2024

ඉබෝලා ඉන්දියාවටත්

September 03, 2014
මාරාන්තික එබෝලා (Ebola) වෛරසය ආසාදිත වී ඇති බවට දැඩි අවදානමක පසුවන පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දියාවෙන් හමුවී තිබේ.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විදෙස් මාධ්‍ය වෙත දැනුම් දී ඇත්තේ, අප්‍රිකානු රටවල සිට ඉන්දියාවට පැමිණි ඉන්දියානුවන් 181 දෙනෙකු අතර සිටි පුද්ගලයින් 6 දෙනෙකු එලෙස හඳුනාගත් බව ය.
ඔවුන් දිල්ලි ගුවන් තොටුපොළේ විශේෂ ඒකකය රඳවාගෙන පරීක්ෂණ පවත්වන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මේ වන විට බටහිර අප්‍රිකානු රටවල සිට ඉන්දියාවට පැමිණි පුද්ගලයින් දහස් ගණනක් අතරින් ඉන්දියානුවන් 816 දෙනෙකු පරීක්ෂණවලට යොමු කර තිබේ.
 
Rate this item
(0 votes)