May 06, 2024

ක්‍රිස්ටීන් ලැගාඩ් සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන්ගෙන් පරීක්ෂණයක්

ප්‍රංශ බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටීන් ලැගාඩ් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
2008 වසරේදී බර්නාඩ් තායිපේ වෙත යූරෝ මිලියන 400ක හානිපූර්ණයක් ගෙවීම සම්බන්ධයෙන් ඇගේ භූමිකාව මෙහිදී ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.
මෙම කාලවකවානුවේදී, 58 හැවිරිදි වියෙහි පසුවන ලැගාඩ් නිකොලාස් සාර්කෝසි රජයේ මුදල් අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිට ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මේ චෝදනාව ඇය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බවද විදෙස් මාධ්‍ය පවසයි.
බර්නාඩ් තායිපේ 2007 වසරේ පැවති ජනාධිපති මැතිවරණයේදී සාකෝසි වෙනුවෙන් සහාය ලබාදුන් ව්‍යාපාරිකයෙකු බව කියැවෙයි.
 
Rate this item
(0 votes)