May 06, 2024

කාන්තා අංග රචනා ශිල්පීන් වෙනුවෙන් අධිකරණයට ගිය චාරු කුරානා

රූපවාහිනී සහ සිනමා කර්මාන්තය තුළ කාන්තාවන්ට අංග රචනා ශිල්පීන් ලෙස කටයුතු කිරීමට ඇති අයිතියට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීමට නියමිතයි.
කර්මාන්තය තුළ පුරුෂයන්ට පමණක් අංග රචනා ශිල්පීන් ලෙස සේවය කිරීමට ඉඩ සපයා ඇති වෘත්තීය සමිති නීති ඉදිරියේ, කාන්තාවන්ට වෙනස්කමක් සිදු වන බව අධිකරණය හමුවට ගිය චාරු කුරානා පැවසුවාය.
මෙම ප්‍රතිපත්තිය අවසානයක් කරා ගෙන ඒම සඳහා ඊට මැදිහත් වන ලෙස මීට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
මේ අතර වෘත්තීය සමිති නියෝජනය කරන පුරුෂ සාමාජිකයන් පැවසුවේ කාන්තාවන්ට අංග රචනා ශිල්පීන් ලෙස සේවය කිරීමට ඉඩ ලබා දීමෙන් තම ජීවනෝපායට තර්ජනයක් මතු වන බවයි.
 
Rate this item
(0 votes)