May 06, 2024

ඇමරිකානු ඔත්තු බලන්න චීනයෙන් පරිගණක මෙහෙයුමක්

චීනය විසින් ලබන ඔක්තෝබර් මස නව පරිගණක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ. මේ මගින් ඇමරිකානු ආරක්ෂක ඒජන්සියේ අන්තර්ජාල ආවේක්ෂණ පද්ධතියෙන් ආරක්ෂා වියහැකි බව පැවසේ. ඊට හේතු වී ඇත්තේ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් වින්ඩෝස්, ගූගල් සහ ඇපල් මෙහෙයුම් පද්ධති හරහා චීනයේ ඔත්තු බැලීම සහ දත්ත සොරා ගැනීම සිදුකරන බව හෙලිවීමය.
නව මෙහෛයුම් පද්ධතිය ගෘහස්ථ කටයුතු සඳහාද සරිලන සේ සැලසුම් කර ඇතැයි මාධ්‍ය අනාවරණය කර තිබේ.
ඇමරිකාව විසින් චීනය තුල දියත්කර තිබෙන දැවැන්ත ඔත්තු බැලීමේ වැඩසටහන නිසා චීන රජයට වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඇපල් සමාගමේ උපාංග ර‍ජයේ කටයුතු සඳහා භාවිතා කිරීම තහනම් කිරීමට සිදු විය. 2020 පමණ වන විට චීනය ලෝකයේ ආර්ථික ප්‍රබලයා වන බව පෙනෙන්නට තිබීම නිසා එය කෙසේ හෝ බිඳ දමා තම බලය රැක ගැනීම ඇමරිකාවේ අභිප්‍රාය වී තිබේ. එහෙත් චීනය ඉතාමත් සාර්ථක ලෙස ඇමරිකානු අභියෝගයන් ජයග්‍රහණය කරමින් තම ආර්ථිකය තව දුරටත් ඉහලට ගෙන යන බව දැකගත හැකිය.
 
Rate this item
(0 votes)