May 06, 2024

නයිජීරියාවේඉස්ලාමීය රාජ්‍යයක් බිහිකළ බොකෝ හරාම්

ඊසානදිග නයිජීරියාවේ තමන් අල්ලාගත් නගර හා ගම්මාන එකතු කරමින් එරට තුළ ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකළ බව බොකෝ හරාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය පවසයි.
බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකාවුගේ කතාවක් සහිත වීඩියෝවක් නිකුත් කරමින් මේ නිවේදනය නිකුත් කර ඇති අතර, මෙම මස මුලදී ග්වෝසා නගරය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් සිය සටන්කරුවන්ට සුබ පැතීමද ඔහු එම නිවේදනයේදී සිදුකරයි.
කෙසේ වෙතත්, අබුබකර් සඳහන් කරන ඉස්ලාමීය රාජ්‍යය, සිරියාව හා ඉරාකය සම්බන්ධ කරමින් ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් බිහිකළ ඉස්ලාමීය රාජ්‍යය හා සම්බන්ධයක් පවතීද යන්න ගැන පැහැදිලි බවක් නොමැති බව විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වෙතත්, නයිජීරියානු හමුදාව බොකෝ හරාම් නිවේදනය ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අබුබකර්ගේ කතාව හිස් කතාවක් පමණක් බව අවධාරණය කරයි.
2009 වසරේ සිට ඊසානදිග නයිජීරියාව තුළ ක්‍රියාත්මක බොකෝ හරාම් අන්තවාදීන් ම්ලේච්ඡ ප්‍රහාර දියත් කරමින් මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ කර ඇති අතර, ඔහුන් එරට පාසල් ශිෂ්‍යාවන් පිරිසක් පැහැරගැනීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටී.
 
Rate this item
(0 votes)