May 08, 2024

බ‍්‍රසීලයේ බන්ධනාගාරයක ගැටුමකින් රැඳවියන් 4ක් මරුට

බ‍්‍රසීලයේ - බන්ධනාගාරයක රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ රැඳවියන් 700 ක් පමණ මෙම ගැටුමට එක්වී ඇති බවයි. 
මියගිය සිව්දෙනාගෙන් දෙදෙනෙකු ගෙළ සිඳ මරා දමා ඇති අතර අනෙක් දෙදෙනා බන්ධනාගාර ගොඩනැගිල්ලකින් පහළට තල්ලූකර ඝාතනය කර තිබෙනවා. ගැටුම ඇති වූ සිරකඳවුරේ රැඳවියන් දහසක් පමණ සිටින අතර, ලොව විශාලතම බන්ධනාගාර රැඳවියන් සිටින රටවල් අතර සිව් වන ස්ථානය හිමිවන්නේ බ‍්‍රසීලයටයි.
 
Rate this item
(0 votes)