May 08, 2024

තම අරමුණු ඉටුවන තුරු ඊශ්‍රායල් අගමැති සටනේ

තම අරමුණු වලට ලඟා වන තුරු ගාසා තීරයේ සටන්කරුවන් ඉලක්ක කර නොනවත්වා යුද මෙහෙයුම් සිදු කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
පලස්තීන වැසියන්ට සටන්කරුවන් මෙහෙයුම් දියත් කරන ප්‍රදේශවල රැඳී නොසිට එම ස්ථානවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල අගමැතිවරයා අනතුරු හඟවමින් කියා සිටියි.
ගාසා තීරය ඉලක්ක කර ඊශ්‍රායලය සිදු කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් දෙදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබූ බවට වාර්තා පළ වීමත් සමග කැබිනට් මණ්ඩලය අමතමින් අගමැති නෙතන්යාහු ගාසා තීරය සම්බන්ධයෙන් අදහස් දැක්වූවේය.
ඊශ්‍රායලයේ මීළඟ පාසල් වාරය ආරම්භ වන සැප්තැම්බර් මාසයෙත් නොනවත්වා යුද මෙහෙයුම් සිදු වනු ඇති බව අගමැතිවරයා එහිදී කියා සිටියේය.
දකුණු දිග ඊශ්‍රායලය ඉලක්ක කර ගාසා තීරය දෙසින් රොකට් ප්‍රහාර එල්ල වීමත් සමග එම ප්‍රදේශයේ ඉගනුම ලබන පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.( උපුටා ගැනිම BBC NEWS ) 
 
 
 
Rate this item
(1 Vote)