May 09, 2024

මධ්‍යධරණි මුහුදේ සංක්‍රමණිකයන් දහඅට දෙනෙකුගේ මළ සිරුරු

මධ්‍යධරණි මුහුදේ අනතුරට පත්ව තිබූ විශාල ප්‍රමාණයේ ඩිංගි බෝට්ටුවක සිටි සංක්‍රමණිකයන් දහඅට දෙනෙකුගේ මළ සිරුරු ඉතාලි නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.
බෝට්ටුවේ සිටි තවත් සංක්‍රමණිකයන් හැත්තෑ තුන් දෙනෙකු මුදවා ගත් බවයි පැවසෙන්නේ.
ලම්පෙසුඩා දූපතට දකුණින් යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවෙන් සංඥාවක් ලැබීමත් සමග නාවික හමුදා එම ස්ථානයට ලඟා වුහ.
ඒ වන විටත් මුහුදුබත් වෙමින් තිබූ බෝට්ටුවේ සිටි තවත් පිරිසක් අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ.
සිකුරාදා සිට සිසිලි දූපත හා ලිබියානු වෙරළ කලාපය අතර මුහුදේ යාත්‍රා කරමින් සිටියදී ඉතාලිය විසින් මුදවා ගත් සංක්‍රමණිකයන් සංඛ්‍යාව තුන්දහස් පන්සීයක්.
 
Rate this item
(0 votes)