May 08, 2024

‘ත්‍රස්ත ප්‍රහාර' හේතුවෙන් ෂින්ජෑන් ප්‍රදේශයේ අට දෙනෙකුට මරණ දණ්ඩනය

‘ත්‍රස්ත ප්‍රහාර' සිදු කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ වයඹ දිග ෂින්ජෑන් ප්‍රදේශයේ පුද්ගලයන් අට දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇති බව චීනයේ ක්ෂින්හුහා රජයේ මාධ්‍ය ආයතනය වාර්තා කරයි.
ගෙවුණු මාස කිහිපය ඇතුළත එල්ල වූ ප්‍රහාර ගණනාවක් සටන්කාමී උයිඝාර් බෙදුම්වාදීන් විසින් සැලසුම් කර ඇති බවයි චීන ආණ්ඩුව කියා සිටින්නේ.
පසුගිය ඔක්තෝබරයේ සංචාරකයන් දෙදෙනෙකුට මරු කැඳවමින් ටියැනෑන්මන් චතුරශ්‍රයට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු මරණ දණ්ඩනය නියම වූවන් අතර සිටින බවයි පැවසෙන්නේ.
මරණ දණ්ඩනයට නියම වූ සෙසු පුද්ගලයන් පොලිස් භටයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම, බෝම්බ නිෂ්පාදනය, මිනී මැරුම් හා දේපළ ගිනි තැබීමේ අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී තිබේ.
Rate this item
(0 votes)