May 08, 2024

ට්‍රිපෝලි ගුවන් තොටුපොළේ බලය ඉස්ලාමීය සටන්කාමීන් අතට

ලිබියානු ඉස්ලාමීය සටන්කාමීන් වන ෆජ්ර් ලිබියා විසින් ට්‍රිපෝලි ගුවන් තොටුපොළේ බලය අල්ලාගත් බව වාර්තා වෙයි.
දින 10ක් පුරා පැවති දරුණු ගැටුම්වලින් පසුව ජාතිකවාදී හමුදා කණ්ඩායම් වෙතින් එහි පාලනය තමන් වෙත ලබාගැනීමට හැකි වූ බව ඔවුන් පවසයි.
2011 වසරේ මුවම්මර් ගඩාෆිගේ පාලනය ගිලිහීමත් සමග එහි බලය අල්ලාගෙන සිටි සින්ටාන්හි ජාතිකවාදී සටන්කරුවන් අතින් ගුවන් තොටුපොළේ බලය ගිලිහුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.
මූලෝපාය වශයෙන් අතිශය වැදගත් කලාපයක් ලෙස සැලකෙන මෙය වර්ග කිලෝමීටර් 30ක පමණ භූමිභාගයක් බව කියැවෙයි.
 
Rate this item
(0 votes)