May 09, 2024

විශාලතම තෙල් පිරිපහදුව රැකගත් ඉරාක හමුදාව

ඉරාකයේ විශාලතම තෙල් පිරිපහදුව වෙත එල්ල වූ සටන්කාමීන්ගේ ප්‍රහාරයක් වැළැක්වීමට හැකිවූ බව ඉරාක හමුදා පවසයි.
උතුරුදිග ඉරාකයේ බයිජි තෙල් පිරිපහදුව ආසන්නයේ පසුගිය මාස කිහිපය තුළම රජයේ හමුදා හා සටන්කාමීන් අතර සටන් ඇවිලුණි.
මෙම ප්‍රහාරයද ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් එල්ල කරන්නට ඇති බවට සැක කෙරෙයි.
ඔවුන් පසුගිය මාස කිහිපයේදී ඉරාකයේ විශාල කොටසක බලය අල්ලාගත් අතර, මේ වනවිට ඇමෙරිකානු හමුදාවේ ගුවන් ප්‍රහාර 90ක් පමණ අන්තවාදී ඉලක්ක වෙත එල්ල වෙමින්, ඔවුන්ගේ ගමන බොහෝ දුරට අඩාල කර ඇත.
 
Rate this item
(0 votes)