May 08, 2024

බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ලැබූවන්ද ඉරාකයේදී සටන් කරන බව හෙළි වෙයි

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සන්ඩේ ටෙලිග්‍රාෆ් පුවත්පතට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ එරට වැසියන්ට ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වැදී සිටින්නන් ගෙන් තර්ජනයක් එල්ල වී ඇති බවය. මොහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම සටන්කාමීන්ට එරෙහි මහජන මතයක් මෙතෙක් ගොඩ නැගී නොමැති බවත් නිශ්චිත ආරක්ෂක අවශ්‍යතාවක් කෙරෙහි යොමුවිය යුතුව ඇති කාලය පැමිණ ඇතිබවත්ය.

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ එරට පූජක පක්ෂයෙන් නැගී ඇති චෝදනාවක් වන බ්‍රිතාන්‍ය රජය ඉස්ලාමීය රාජ්‍යය සඳහා සටන් වැදී සිටින අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයන්ට එරෙහිව ගත යුතු නිසි පියවර ගැන අවධානයක් යොමු නොකර ඇති බවට පළ වන අදහස්වලට ප්‍රතිචාර වශයෙනි. මේ වනවිටත් මෙම අන්තවාදීන් ඉරාකයේ සහ සිරියාවේ විශාල භූමි ප්‍රමාණයක් තම යටතට ගෙන තිබෙනබව වාර්තා වී ඇත. එසේම ඔවුන් අන්‍යාගමිකයන් සමූල ඝාතනයන්ට ලක් කරමින්සිටිනුයේ තම අරමුණු සපුරා ගැනීම සඳහාය.

උතුරු ඉරාකයේකුර්දි හමුදාවන් ඇමෙරිකානු ගුවන් ප්‍රහාර මධ්‍යයේ කළ සටන් තුළින් එමප්‍රදේශයේ ප්‍රධාන නගරය වන මෝර්සුල් තම යටතට ගෙන සටන්කාමීන් පලවා හැරීමටසමත් වී ඇත්තේ ඉරිදා දිනයේදීය. මෙම නගරය සටන්කාමීන් පාලනයට ගෙන තිබි ඇත්තේ පසුගිය 09 වැනිදාය.

අමෙරිකාව නිවේදනය කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රහාර තුළින් සටන්කාමීන්ට අයත් වාහන 19ක්  සහ ප්‍රධාන ආරක්ෂක කුටියක් විනාශ කළ බවය.

කැමරන් සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ පුරවැසියන් සිරියාවට සහ ඉරාකයට ගොස් සටන්වලට සහභාගි වී නැවත පැමිණෙන බවත්, ඔවුන් බ්‍රිතාන්‍යයේ තම ව්‍යාපාරය ප්‍රචලිත කිරීමේ ක්‍රියාවලියක යෙදීමට මාන බලමින් සිටින සහ  ඉස්ලාමීය රාජ්‍ය ධජය ප්‍රදර්ශනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අවකාශ තිබෙන බවයි.

Rate this item
(0 votes)