May 09, 2024

කිසිඳා සමාව නොලැබෙන ජෝන් ලෙනන්ගේ ඝාතකයා

සුප‍්‍රකට සංගීතඥ සහ ගායක ජෝන් ලෙනන්ට 1980 වසරේදී වෙඩි තබා ඝාතනය කළ මාක් චැප්මන්ට සමාව ලබාදීම නිව්යෝක් අධිකරණය ඊයේ යළි ප‍්‍රතික්ෂේප කළා.
 දැනට 59 වන වියේ පසුවන චැප්මන් වරද පිළිගැනීමෙන් පසු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා. ජෝන් ලෙනන් සහ ඔහු නියෝජනය කළ බීට්ල්ස් සංගීත කණ්ඩායම පොප් සංගීතයේ පුරෝගාමීන් ලෙසයි සැළකෙන්නේ. 
සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ ජෝන් ලෙනන්ගේ ඝාතකයා මුදාහැරීම නීතියේ ගරුත්වයට සහ සමාජයේ සුබසාධනයට නිගරුවක් බවයි. කෙසේ නමුත් ඔහුට තව වසර දෙකකින් නැවතත් නිදහස උදෙසා අභියාචනා කළ හැකියි.
 
Rate this item
(0 votes)