May 09, 2024

ඇමරිකාවෙන් ආසියාවට සයිබර් බලකායක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් ආසියාව සම්බන්ධ තම උපාය මාර්ගයේ එක් අංගයක් ලෙස 2016 අවසාන වන විට 1000කගෙන් සමන්විත සයිබර් බලකායක් ආසියාවට යෙදවීමට තීරණය කර තිබේ. 
සයිබර් සෙබළුන් පිලිබඳ සංකල්පය කලක පටන්ම ඇමරිකානු හමුදාව ක්‍රියාත්මක කරන වැඩ සටහනකි. ඒ යටතේ එම සෙබළුන් අනෙක් රටවල ඔත්තු බැලීම, පරිගණක පද්ධති වලට පහර දීම, දත්ත සොරකම් කිරීම, රටවල් අතර අර්බූද ඇති කිරීම ආදි පුළුල් පරාසයක මෙහෙයුම් සඳහා යොදා ගනී. අවධානම අවම වීම, සයිබර් සෙබළුන්ට ශාරීරික හානි කළ නොහැකි වීම, සතුරාට මිල කල නොහැකි හානි සිදු කළ හැකි වීම සහ පරිගණක පද්ධති මගින් පාලනය වන උපකරණවල පාලනය තමන් යටතට ගැනීමේ හැකියාව ආදී වාසි නිසා ඇමරිකානු හමුදාව සයිබර් බලකායන් වෙත වැඩි උනන්දුවක් දක්වයි.
මෙහෙයුම් කණ්ඩායම් 40ක් වන ලෙස ඒකක පිහිටුවා අති නවීන උපකරණ භාවිතයෙන් අධි ආරක්ෂිත නෞකාවල සිට සයිබර් සෙබළුන් තම මෙහෙයුම් දියත් කරනු ඇත. 
cyber-warfare systems නම් වූ මෙම වැඩසටහන පිලිබඳ මූලික විස්තර ඇමරිකානු නාවුක මෙහෙයුම් ප්‍රධානි අද්මිරාල් ජොනතන් ග්‍රීනර්ට් විසින් නිකුත් කර තිබේ.
 
Rate this item
(0 votes)