May 06, 2024

ඊශ්‍රායලය යුධ අපරාධ සඟවයි

ඊශ්‍රායලය විසින් පලස්තීනය ආක්‍රමණය කිරීමෙන් පසු දරුවන් සහ කාන්තාවන් ඇතුළු සිවිල් ජනතාව ඝාතනය කරමින් සිදුකල ම්ලේච්ඡ යුධ අපරාධ පිළිබඳව පරික්ෂා කිරීමට ගිය රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන්ට ගාසා තීරයට ඇතුළු වීම තහනම් කර තිබේ. 
මේ පිලිබඳව තම බලවත් අප්‍රසාදය පලකරන ස්වේච්ඡා සංවිධාන යුධ අපරාධ සිදු නොවූවා නම් තමන්ට ඇතුල්වීමට අවසර නොදෙන්නේ මන්දැයි ප්‍රශ්නකර සිටී.
 එමෙන්ම තවත් දිගුවක් ලෙස ඇමරිකානු ගැති ක්‍රියාකලාපයක් අනුගමනය කරන ඊජිප්තු පාලනයද යුධ අපරාධ නිරික්ෂකයන්ට තම දේශ සීමා හරහා පලස්තීනයට ඇතුළුවීම තහනම් කර තිබේ.
Rate this item
(0 votes)