May 06, 2024

සරණාගත දරුවන්ට ඕස්ට්‍රේලියානු රජයෙන් නිදහස

ඕස්ටේ‍්‍රලියානු සරණාගත කඳවුරුවල රඳවා සිටින සිය ගණනක් දරුවන් එම කඳවුරුවලින් නිදහස් කිරීමට  ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2013වසරේ ජූලි 19වැනිදාට පෙර එම සරණාගත කඳවුරුවලට පැමිණි වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් මෙලෙස නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ. මානුෂීය පදනම මත මෙම පියවර ගත් බව  ඕස්ටේ‍්‍රලියානු ආගමන විගමන අමාත්‍ය ස්කොට් මොරිසන් විසින් ප‍්‍රකාශ කළා.                                                   
ඒ අනුව  ඕස්ටේ‍්‍රලියාව, නාවුරු දූපත් සහ ක‍්‍රිස්මස් දිවයිනේ සරණාගත කඳවුරුවල සිටින කුඩා දරුවන් මෙලෙස නිදහස් කරනු ලබයි.. කුඩා දරුවන් සමග ඔවුන්ගේ දෙමාපියන්ද මුදාහැරීමටයි  ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් තීරණය කර ඇත්තේ. වසර අවසානයට පෙර ඔවුන්  ඕස්ටේ‍්‍රලියාවේ රැඳවුම් නිවාස වෙත යොමු කෙරෙන අතර එහිදී එම දරුවන්ට පාසල් අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් මෙන්ම ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීමටද බලාපොරොත්තු වනවා. මේ වනවිට නීතිවිරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාවට පැමිණි සංක‍්‍රමණිකයන් අතර කුඩා දරුවන් 870ක් පමණ සිටින බවයි ගණන් බලා ඇත්තේ.(උපුටා ගැනිම Hiru News)

 

Rate this item
(0 votes)