May 06, 2024

ජැකී චෑන්ගේ පුතා අත්අඩංගුවට

හොලිවුඩ් නළු ජැකී චෑන්ගේ පුතා මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇතිබව එක්සත් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.නළුවෙකු සහ ගායකයෙකු වන 31හැවිරිදි ජේසී චෑන් සමඟ තායිවානයේ චිත්‍රපට නළුවෙකු වන 23 හැවිරිදි කයි කෝද පසුගිය දින මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය වාර්තා කරන ආකාරයට ඔවුන් දෙදෙනාම කංසා භාවිතා කර ඇති බවට තහවුරු වීඇති අතර ජේසීගේ නිවස තුළ තිබී කංසා ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව පැවසේ.බාහිර පුද්ගලයින්ට මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා සෙවණ සැළසීම යන චෝදනාව යටතේ ජේසීව අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම චෝදනා අධිකරණයේදී තහවුරු උවහොත් ඔහුට උපරිම වසර 3ක් දක්වා වූ සිර දඬුවමකට යටත් වීමට සිදු වෙනු ඇත.

මෙම දෙදෙනා සමඟ එක් සහායකයෙකු සහ සැපයුම්කරු ලෙස සැක කෙරෙන තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 August 2014 13:03