May 03, 2024

මෝදිගේ ශ්‍රි ලංකා සංචාරය ස්ථිරයි

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ලබන වසරේ මුල් මාස කිහිපය තුළ ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ක‍්‍රමෝපාය කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති සුබ‍්‍රමනියම් ස්වාමි පවසනවා.

දින තුනක් පුරා ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන සිව් වන ආරක්ෂක සමුළුවට ඊයේ (18) එක්වෙමින් මාධ්‍යවේදීන් පිරිසක් අමතා ඔහු මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කර ඇති බව ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත වාර්තා කළා.

 ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව ගනු ලබන තීරණ ප‍්‍රාන්ත ආණ්ඩුවල වුවමනා මත වෙනස් නොකරන බවයි සුබ‍්‍රමනියම් ස්වාමිප‍්‍රකාශ කර ඇත්තේ.(උපුටා ගැනිම Hiru News)

Rate this item
(0 votes)