May 03, 2024

මෝසුල් වේල්ල අහිමි කරගත් isis ත්‍රස්තයින්

isis සුන්නි ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් අත්පත්කරගෙන සිටි ඉරාකයේ මෝසුල් වේල්ල නැවත තම පාලනයට ගත් බව කුර්දි හමුදා බලධාරිහු නිවේදනය කර සිටිති.

උපක්‍රමික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් වූ මොසුල් වේල්ල අත්පත්කර ගැනීමේ මෙහෙයුම සඳහා ඉරාක සහ කුර්දි හමුදා එක්ව ඇති අතර තවමත් ප්‍රදේශයේ බලය තහවුරු කර ගනිමින් සිටින බවද ඔවුන් පවසා තිබේ.

කෙසේ වෙතත් ත්‍රස්තවාදීන් විසින් මෙය ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඇමරිකානු හමුදා තම ගුවන් යානා මගින් වේල්ල අවට සිටින ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

 

Rate this item
(0 votes)