May 03, 2024

ඉරාක සරණාගතයන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට

ඉරාකයේ හා සිරියාවේ සරණාගතයන් 4500ක පමණ පිරිසකට තම රට තුල ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ඉඩ සලසන බව ඕස්ට්‍රේලියාවේ ආගමන කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් එහි පදිංචි කිරීම සඳහා වූ වාර්ෂිකව වැඩසටහනට මෙම පිරිස ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

බෝට්ටු මාර්ගයෙන් රට තුලට පැමිණෙන සරණාගතයන් නැවැත්වීමට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට හැකි වීම නිසා මෙවැනි ඉඩක් ලැබුණු බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

නීති විරෝධී ආකාරයෙන් බෝට්ටු වලින් පැමිණෙන කිසිවකුටත් ඕස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය ලබා නොදෙන බව එරට ආණ්ඩුව කියා සිටියි.

Rate this item
(0 votes)