May 03, 2024

"හදිහූනියම් කරුවන්ට" ඩුබායි තහනම්

ආභරණ පැලඳීම සඳහා ශරීරයේ ස්ථාන වැඩි ප්‍රමාණයක් සිදුරු කර ගනිමින් ලෝක වාර්තාව පිහිට වූ ජර්මානු ජාතිකයාට, ඩුබායි රාජ්‍යයට පිවිසීමට අවසර ලබා දීම එරට බලධාරිහු ප්‍රතික්ෂේප කර ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

ශරීරය සිදුරු කර ගනිමින් ලෝක වාර්තාව තැබූ ජර්මානු ජාතිකයා, රාත්‍රී සමාජ ශාලාවක පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීමට ඩුබායි බලා පැමිණ තිබේ.

රොල්ෆ් බච්හෝල්ස් නැමති මෙම පුද්ගලයා හිස ඇතුළු ශරීරයේ ස්ථාන 453ක ආභරණ පැළඳ සිටියි.

තමා 'හදිහූනියම් කරුවෙකුව' සිටි බැවින් ඩුබායි රාජ්‍යයට ඇතුල් වීමට එරට ගුවන් තොටුපල බලධාරීන් ඉඩ නොදුන් බව බච්හෝල්ස් සමාජ මාධ්‍යයන්ට පවසා ඇතැයි වාර්තා වෙයි.

නැවත කිසිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නොඑන බව බච්හෝල්ස් දිවුරා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(1 Vote)