May 03, 2024

චීනයේ භූ කම්පනයක්

නිරිතදිග චීනයේ සිචුආන් ප‍්‍රාන්තයේ අද (17) රික්ටර් පරිමාණය අනුව 5යි දශම1 ක ප‍්‍රබලතාවකින් යුක්ත භූ කම්පනයක් සිදුවූ බව අමෙරිකානු භූ විද්‍යා ආයතනය පවසයි.

එරට වේලාවෙන් අද(17) උදෑසන 6 ට පමණ භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරෙන් සිදුව ඇත. 

මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපල හානි පිළිබඳව වාර්තාවී නොමැත. මීට සති දෙකකට පෙර මෙම භූ කම්පනයේ කේන්ද්‍රයට ආසන්න ප‍්‍රදේශයක ප‍්‍රබල භූ කම්පනයක් සිදුවූ අතර එහිදී පුද්ගලයන් 615 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Rate this item
(0 votes)