May 03, 2024

සිසුන්ගෙන් බලහත්කාරයෙන් "ලේ" ගනී

වයඹ දිග චීනයේ ඇති සමාගමක් වෙනුවෙන් ලේ දන්දෙන ලෙස පාසල් සිසුන්ට බල කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 07 දෙනෙකු අත් අඩංගුවට ගත් බව චීන රජයේ මාධ්‍ය ප්‍රකාශ කරයි.

ලේ දන් දෙන්නන් ගේ සංඛ්‍යාව වැඩි කරන ලෙස ඔහුට බලපෑම් එල්ල වී තිබුණු බව ලේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ප්‍රධානියා පොලීසියට පවසා තිබේ.

සිසුන් 08දෙනෙකුට මසකට එක් වරක් බැගින් මාස හතක කාලයක් ලේ දීමට බල කිරීම තුලින් මීට සම්බන්ධ පිරිස ඩොලර් දහස් ගණනක් උපයා ඇති බව මහජන ආරක්ෂක නිලධාරියෙකු උපුටා දක්වන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

සැකකරුවන් ව්‍යාජ හැඳුනුම් පත් යොදා ගෙන මෙම සිසුන් වැඩිහිටියන් ලෙස හුවා දක්වා ඇති අතර ලේ දන් දීමට අපොහොසත් වුවහොත් එම සිසුන්ට පහරදී ඇති බව වාර්තා වේ.

(බීබීසි)

Rate this item
(0 votes)