May 03, 2024

පකිස්තානයේ කාටුන් විරවරීය නස්රියා

පකිස්තානයේ කාටුන් චිත්‍ර ශිල්පියෙක් කරච්චි නගරයේ ත්‍රස්තවාදීන්ට සහ ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කරන කාන්තා කාටුන් චරිතයක් නිර්මාණය කර තිබේ.
සම්මාන ලාභී පකිස්තාන් ළමා රූපවාහිනි කතා මාලාවක් වන ‘බුර්කා අවෙන්ජර්ස්’ නිර්මාණය කිරීමටද දායකත්වය සපයා ඇති මෙම කාටුන් චිත්‍ර ශිල්පියා තම නවතම කාටුන් චරිතය නම් කර ඇත්තේ 'බ්ලඩි නස්රියා' (රෞද්‍ර නස්රියා) නමිනි.
නස්රියා ගේ චරිතය පාදක කර ගනිමින් මේ වසර අවසානයේ චිත්‍රානුසාරයෙන් නවකතාවක් නිර්මාණය කිරීමටත් එම කතාව චිත්‍රපටයකට නැගීමටත් ඔහු අහස් කරයි.
‘බ්ලඩි නස්රියා’ ගේ චරිතය අන්තර්ජාලය මගින් ඇගයීමට මෙන්ම හෙළා දැකීමටද ලක්ව ඇති අතර මෙම කාටුන් චරිතයේ නිර්මාතෘ පවසන්නේ ඇය කාන්තා හිංසනයට එරෙහිව නැගී සිටින කාන්තා වීර වරියක් මැවීමට ගත් උත්සාහයේ සාර්ථක ප්‍රතිඵලයක් බවයි.

Rate this item
(0 votes)