May 03, 2024

ඉබෝලා මර්ධනයට මාස 6ක්

ඉබෝලා වෛරසය බටහිර අප්‍රිකාව පුරා පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක්වත් ගතවිය හැකි බව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පුණ්‍යායතනයක් වන MSF පවසයි.
මේ සම්බන්ධ ඔවුන්ගේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉබෝලා වෛරසයට වෛද්‍යවරු ප්‍රතික්‍රියා දැක්විමේ වේගයට වඩා වැඩි වේගයකින් එය පැතිරෙන බවයි.
මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයද මීට සමාන අදහසක් දැක්වූ අතර, ඔවුන්ද පෙන්වා දුන්නේ ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් අඩු තක්සේරුවක් සිදුකර ඇති බව පැවසීය.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් අතිශය දැවැන්ත තක්සේරුවක් අවශ්‍ය බව ඔවුන්ගේ මතය විය.
ඉබෝලා හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,145 දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය දින දෙකක කාලය තුළ අලුතින් මරණ 76ක් වාර්තා වී ඇති බවත්, ඉබෝලා ශරීරගත වූවන් 2,127ක් පිළිබඳ වාර්තා වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Rate this item
(0 votes)