May 05, 2024

මෝදි ටත් පෙර සුදානමක් නෑ

පෙර සූදානම් කළ පිටපත් නොමැතිව පුරා පැයක් සුවිශේෂී දේශනයක් ඉන්දීය නිදහස් දින උලෙළට එකතු කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියාව විදේශ අපනයන මධ්‍යස්ථානයක් බවට පත්කරන බව පැවසීය.එමෙන්ම, අග්‍රාමාත්‍යවරයා සිය දේශනයේදී අවධාරණය කර සිටියේ පසුගිය කාලය පුරා දිගින් දිගටම ඉන්දියාවෙන් වාර්තා වූ ස්ත්‍රී දූෂණයන් සමස්ත ජාතියටම නිගාවක් හා ජාතියම ලැජ්ජාවට ලක්කරන සිදුවීම් බවයි.
ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන පරිදි කිසිදු කිසිදු සටහනක් හෝ පෙර සූදානම් කළ පිටපත් නොමැතිව මුලසුනේ කතාව පැවැත්වූ අග්‍රාමාත්‍යවරයා වෙඩි නොවදින ආවරණයක් භාවිත නොකිරීම තවත් සුවිශේෂී කාරණයක් විය.

සාමාන්‍යයෙන් ඉන්දියාවේ සාම්ප්‍රදායික නිදහස් දින මාතෘකාව වන පකිස්තානය සමග පවතින විරසකභාවය බැහැර කරමින්, ඉන්දියාව විදේශ අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැඩ පිළිවල සහ ඉන්දියාව තුළ පැතිරෙන කාන්තා අපචාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් යොමු වීම අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිදහස් දින කතාවේ තවත් විශේෂ වෙනසක් බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
 

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 August 2014 12:16