May 05, 2024

ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක්

පාකිස්තාන වත්මන් රජය හා අගමැති නවාස් ෂරීෆ් පලවා හැරීමේ අරමුණින් එරට විරුද්ධ පක්ෂ විසින් සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා පා ගමනේදී එරට විපක්ෂයේ බලකණුවක් මෙන්ම හිටපු ක්‍රිකට් නායකයකයෙකු වූ ඉම්රාන් ඛාන් ගමන් ගත් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත් මෙම, වෙඩි පහරින් ඉම්රාන් ඛාන්ට තුවාල සිදුවී නොමැති නමුත් එය ආණ්ඩුවට සහයෝගය දක්වන්නන් සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ඇති කළ සිදුවීමක් බවට පත්ව තිබේ.
ඉස්ලාමාබාද් නුවරට ආසන්නයේ ගුජ්රන්වාලා නගරයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති තිබුණත්, තම ආරක්ෂාවක නොතකමින්, එහිදී ඉම්රාන් ඛාන් විසින් විරෝධතා කරුවන් අමතමින් කතාවක්ද පවත්වා තිබේ.

Rate this item
(0 votes)