May 05, 2024

ඉරාක අගමැති ඉවත් වෙයි

ඉරාකයේ දේශපාලන අර්බුදය අවසන් කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉරාක අගමැති නූරි මලිකි තීරණය කර තිබෙන බව එරට රාජ්‍ය රූපවාහිනිය සඳහන් කරයි.

එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ඔහු ඊයේ (14) සිය ඉල්ලා අස්වීමේ ප‍්‍රකාශය නිවේදනය කළේය. 

ඉස්ලාමීය කැරැල්ලට මුහුණදීමේ අසාර්ථකභාවය හේතුවෙන් නූරි මලිකිට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා දැඩි බලපෑමක් එල්ල වී තිබිණි. 

ඒ අනුව ඉරාක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක හයිඩර් අල්අබඩිට නව රජයක් පිහිටුවීම සඳහා එරට ජනාධිපතිවරයා විසින් ආරාධනා කිරීමට නියමිතය.

Rate this item
(0 votes)