May 05, 2024

පකිස්තාන් ආණ්ඩුවට යන්න කියයි

පකිස්තාන් අගමැති නවාස් ෂරීෆ්ට ඉල්ලා අස්වන මෙන් ඉල්ලමින් දහස් ගණන් උද්ඝෝෂකයෝ ඉස්ලාමාබාද් නුවරට රැස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම උද්ඝෝෂණයට නායකත්වය දෙන ලද්දේ විපක්ෂයේ දේශපාලකයින් දෙදෙනෙකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සහ ඉස්ලාමීය පූජකයකු වන තාහීර් උල් ඛද්රි විසින් බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පකිස්තාන් නිදහස් දිනයේ සංවිධානය කර තිබුණ එම උද්ඝෝෂණයට ආණ්ඩුවේ විරෝධය එල්ල වූ බවත් උද්ඝෝෂකයින් ඉස්ලාමාබාද් අගනුවරට ඒම වැළැක්වීම සඳහා කන්ටේනර් යොදා ගනිමින් මාර්ග බාධක ඉදි කර තිබුණ අතර දහස් ගණනින් පොලිස් භටයන් ඉස්ලාමාබාද් නුවර වීදි වල නිරත වී ඇති බවත් වාර්තා වෙයි.

ඉම්රාන් ඛාන් ලාහෝර් නුවරදී උද්ඝෝෂණය සංවිධානය කරමින් රැස්වීමක් පවත්වා ඇති අතර ඔහු පවසන්නේ 2013 වසරේ පැවති මැතිවරණයෙන් වංචනික ලෙස නවාස් ෂරීෆ් බලයට පැමිණි බවයි.

(බීබීසි)

Rate this item
(0 votes)